Global Articals
මගීන් දාහක යානයක් එයි?
Published: May 10, 2012 by admin
Filed under:
Global Articals
පියාසර වේගයත් කිලෝමීටර් දාහයි
ඇමෙරිකාවේ බොයිං සමාගම බොයිං 797 නමින් අධිවේගී දැවන්ත යානයක් රහසේ නිපදවතියි වෙබ් අඩවි රැසක් කියයි. ඇතැම් වෙබ් අඩවි පවසනුයේ එය බොරුවක් බවයි. බොයිං සමාගම ඒ ගැන කිසිවක් කියා නැත. පැයට කිලෝමීටර් 1046 ක සුපිරි වේගයෙන් කිලෝමීටර් 16000ක් පියාසර කළ හැකි බව කියන මේ යානයේ මගීන් 1000කට ගමන් කළ හැකියැයි ද කියති. යානයේ මෙම රහස හෙළිවූයේ ආධුනික කැමරා ශිල්පියකු අත්හදා බැලිමේ අවස්ථාවක් ඡායාරූපගත කිරීමත් සමගය.ඇමෙරිකාවේ ගුවන් හා අජටාකාශ පරිපාලනයේ ලැංලි පර්යේෂණායතනය හා එක්ව ගුවන් යානයේ රාමුව හා පියාපත් නිර්මාණය කැර ඇත. පියාපත් අඩි 265ක් දිගය. බොයින් 747 යානයේ පියාපතක දිග අඩි 211කි. බොයින් 797 කවදා මංගල ගමන අරඹනු ඇද්දැයි තවම නොපැහැදිලිය.
ඊළාම් කොඩිය ඕස්ටේ්රලියාවේදී උස්සයි
Published: Apr 22, 2012 by admin
Filed under:
Hot gossip Sri Lanka
Srilankan Latest News
Global Articals
ගේල්ගේ හයේ පහරකින් දැරියකගේ නාසය බිඳෙයි
Published: Apr 19, 2012 by admin
Filed under:
Global Articals
අයි. පී. එල්. තරගාවලියේ පූනේ වොරියර්ස් පිල සමඟ පැවැති තරගයේදී රෝයල් චැලෙන්ජර්ස් පිලේ ප්‍රහාරාත්මක පිතිකරු ක්‍රිස්ගේල් විසින් එල්ල කරන ලද දැවැන්ත හයේ පහරක් තරගය නරඹමින් සිටි කුඩා දැරියකගේ නාසයේ වැදීමෙන් තුවාළ සිදුවී ඇත.තරගයෙන් පසුව මේ පුවත සැලවූ ගේල් වහාම දැරිය බැලීමට ගිය අතර සිය ක්‍රිකට් වීරයාගේ පැමිණීමෙන් සතුටට පත්වූ දැරිය ඔහු හා ඉතා ආශාවෙන් කතාබහ කළ බව වාර්තාවේ.
“මට දැන් සනීපයි” දැරිය තමාට එසේ පැවසූ බව ගේල් ‘ට්වීටර්’ වෙබ් අඩවියේ ඔහුගේ පිටුවේ සඳහන් කර ඇත.
මේ තරගයේදී ගේල් පිට පිට හයේ පහර 5ක් ඇතුලුව හයේ පහර 8ක් එල්ල කළේය.
New phone charger
Published: Mar 23, 2012 by admin
Filed under:
Global Articals
කිසිවක් නොකර විවේකීව ගිමන් හරින අවස්ථාවක් සිහියට නගා ගන්න. මෙවැනි අවස්ථාවක හුස්ම ඉහල පහල දැමීම හැර වෙනත් ඵලදායී යමක් සිදු වන්නේ නෑ නේද? නමුත් Joao Paulo Lammoglia නම් පුද්ගලයාගේ සංකල්පයක් අනූව නිපදවා ඇති AIRE නම් උපකරණයෙන් මෙවැනි අවස්ථා වල ප්‍රයෝජනවත් යමක් සිදු කර ගැනීමට අවස්ථාව සැලසී තිබෙනවා. ඔහු නිපදවා ඇත්තේ අප ඉහල පහල හෙලන හුස්ම ආධාරයෙන් ජංගම දුරකථන ආරෝපනය කර ගත හැකි උපකරණයක්.
මෙම උපකරණය අප හුස්ම හෙලන අවස්ථාවේදී අප පිට කරන සුසුම් වල ඇති චාලක ශක්තිය විද්‍යුත් ශක්තිය බවට පරිවර්තනය කරන අතර ඒ සදහා මෙම උපකරණය තුල කුඩා සුලං ටර්බයින පිහිටුවා ඇත.නිදා සිටින විට ,ඇවිදින විට,ක්‍රීඩා කටයුතු වල යෙදෙන විට පොතක් කියවන විට ආදී ඕනෑම අවස්ථාවක මෙම උපකරණය භාවිතා කල හැකි වේ.
MCP Certified
Published: Mar 22, 2012 by admin
Filed under:
Global Articals
වයස අවුරුදු 9දී මයික්‍රොසොෆ්ට් වෘත්තිමය සහතිකය( Microsoft Certified Professional) ලබා එම සහතිකය ලත් ලොව ලාබාලතම තැනැත්තිය වූ පරිගණක සම්බන්ධව ලාබාල වියේදීම අසාමාන්‍ය දක්‍ෂතා දැක්වූ පකිස්තානයේ අර්ෆා කරීම් පසුගිය ජනවාරි 14 වන දා මිය ගොස් තිබෙනවා.ඒ වන විට ඇගේ වයස අවුරුදු 16කි.සති ගණනාවක් පුරා රෝහල් ගතව ප‍්‍රතිකාර ලබමින් සිටි ඇය, පසුගිය දෙසැම්බර් මාසයේ 22 දා කෝමා තත්ත්වයකට වැටී සිටි බව පකිස්තානු මාධ්‍ය වාර්තා කරයි. ජනවාරි 15 දා ලාහෝර් අගනුවර පැවති ආගමික වතාවත් වලින් පසුව අර්ෆා ගේ දේහය ඇගේ ගම වන ෆයිසාලාබාද් හි රාම් දෙවාලි වෙත ගෙන යනු ලැබිණි.
ඇය රෝහල්ගතව සිටි සමයේ වෛද්‍ය ප්‍රතිකාර සදහා මුදල් ගෙවූ මයික්‍රොසොෆ්ට් නිර්මාතෘ බිල් ගේට්ස්,ඇගේ පවුල වෙත සිය ශෝකය පල කර තිබේ.
වසර 2006 දී බාසිලෝනා නුවර පැවති තාක්‍ෂණික සමුළුවක් සඳහා ඇයට මයික්‍රොසොෆ්ට් ආයතනය විසින් ඇරයුම් කර තිබුණු අතර, මේ සඳහා සහභාගී වූ 5,000ක් පමණ පිරිසක් අතුරින් එකම පකිස්තානු ජාතිකයා වූයේ ඇයයි.සිය දක්‍ෂතා වෙනුවෙන් ඇයට පකිස්තානයේ සිවිල් සම්මාන දෙකක් ද හිමිවිය.











