Hot gossip Sri Lanka
මේවා කන්න එපා කොල්ලනේ
Published: May 20, 2012 by admin
Filed under:
Hot gossip Sri Lanka
Mad gossip
Srilankan Latest News
තම දරුවා/යහලුවා ජෙල් ඇබ්බැහියට ගොදුරුවී පිළිකා මාරයාගේ ගොදුරක් වීමට පෙර රැක ගැනීමේ වගකීම දෙමාපියන් සහ ගුරුවරුන් මෙන්ම හොදම යහලුවෙක් වශයෙන් ඔබෙිද වගකීමකි.පාසල ආසන්නයේම ඇති වෙළෙඳසලෙන් කුඩා පැකට් කිහිපයක් මිල දී ගත් සිසුන් සිව්දෙනා හෙමින් හෙමින් ඉදිරියට ඇදුනහ. පාසල අවසන්ව උපකාරක පන්ති සඳහා යමින් සිටි මේ සිව්දෙනාගේ ගමන් මාර්ගය ක‍්‍රමයෙන් වෙනස් වී තිබිණි.
තම පාසලේම වැඩිහිටි සොහොයුරකු ලබාදුන් තොරතුරකට අනුව අපූරු වින්දනයක් ලබාගත හැකි යමක් අත්හදා බැලීම ඔවුන්ගේ අපේක්ෂාව වී තිබිණි. මේ සඳහා ඔවුන් තෝරාගෙන තිබුණේ තම විදුහල ආසන්නයේම ඇති වසා දමා ඇති නිවසකි.
‘‘අපේ පුංචි අම්මගේ පුතත් මේව කාල තිබුණා. මාර ෆන් එකක් තියෙනව කියල තමයි කිව්වේ.’’ එක් අයෙක් කීවේය. ‘‘අයියෝ අපි තාම කන්න හිතනවා. කෙල්ලොත් කනවා මෙන්න මෙහෙ වරෙන් බය නැතුව’’ තරමක් අදිමදි කළ අයෙකුට එක් මිතුරෙක් කථා කළේ එලෙසිනි.
සිව් දෙනාම එකග වූහ. කාලය කෙමෙන් ගෙවී ගියේය. තම පුතුන් නිවසට නොපැමිණීමෙන් මව්පියෝ කලබල වූහ. ඔවුන් පන්ති ගොස් නැත. මිතුරන්ගේ නිවෙස්වල සොයා බලද්දී දැනගන්නට ලැබුණේ එකට සිටින මිතුරන් සිව් දෙනකු අතුරුදන්ව ඇති බවයි.
අධ්‍යාපන අධ්‍යක්ෂ වීරසේකර මහතාගේ දුරකථනයට ලැබුණු ඇමතුමකින් කියවුණේ ඔහුගේ පුතා අධික වමනය හේතුවෙන් රෝහල් ගත කැර ඇති බවයි. පුතා සමග තවත් මිතුරන් තිදෙනකු ද රෝහල් ගත කැර තිබිණි.
ඒ ආරංචියත් සමග මව්පියෝ රෝහලට යද්දී දරුවන් සිව්දෙනාම සිටියේ අව සිහියෙන් මෙනි. අනාවරණය වූයේ මේ දරුවන් හිසේ ආලේප කිරීමට ගන්නා ජෙල් වර්ගයක් කෑමට ගෙන ඇති බවයි.
මෙය එක් පාසලක සිදුවූ දෙයක් පමණක් වුව ද මේ වනවිට ශී‍්‍ර ලංකාව පුරා පාසල් සිසුන් මේ ජෙල් කෑමට පුරුදුව සිටිති. වෛද්‍යවරුන් පවසන්නේ ජෙල් වර්ග සෑදීමට ගන්නා ඇතැම් සංයෝග හේතුවෙන් මත්වන බැවින් පාසල් දරුවන් මත්ද්‍රව්‍යයක් ලෙස ජෙල් වර්ග කෑමට ගන්නා බවයි.
මත් වීම, මත්ද්‍රව්‍ය හෝ මත්ද්‍රව්‍ය නොවූව ද මත්වීමට උපකාරීවන වෙනත් ද්‍රව්‍ය භාවිතා කිරීම පාසල් සිසුන්ට සුදුසු දෙයක් නොවේ. එහෙත් ඔවුහු දැන් එයට පුරුදු වී සිටිති.
මේ පිළිබඳ අදහස් දැක්වූ මහරගම පිළිකා රෝහලේ ළමා රෝග විශේෂඥ දීපාල් පෙරේරා මහතා පවසන්නේ හිසෙහි ආලේප කරන ජෙල් ආහාරයට ගැනීමෙන් පාසල් සිසුන් පිළිකා රෝගයට ගොදුරුවීමේ වැඩි ඉඩකඩක් පවතින බවයි.
ගම්පහ, කොළඹ වැනි දිස්ති‍්‍රක්කවල ළමයින් දැඩි සේ මේ ජෙල් කෑමට ගොදුරු වී ඇති අතර ලංකාව පුරාම මෙය සිදුවන බව දැනට ලැබී ඇති තොරතුරු අනුව පැහැදිලි වේ.
වෛද්‍ය පෙරේරා මහතා පවසන්නේ වයස අවුරුදු 12ත් 15ත් අතර ළමයින් මධ්‍යසාර අඩංගු මෙම ජෙල් වර්ගය ආහාරයට ගැනීම සහ නහයට ඉරීම තුළින් මත්වීමට උත්සාය ගන්නා බවයි.
හෙතෙම වැඩිදුරටත් මෙසේ ද කීවේය.
‘‘මේ ජෙල් ආහාරයට ගැනීම නිසා ප‍්‍රතිකාර ලබාගැනීමට රෝහලට පැමිණෙන ළමයින් සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් තිබෙනවා. ලංකාව පුරාම රෝහල්වල මේ ආකාරයේ ළමයින් වාර්තා වී තිබෙනවා. ඇතැම් සිසුන් අධික ලෙස වමනය දමනවා. ඒ වගේම ඔවුන්ට දැඩි නිදිමත ස්වභාවයක් දක්නට ලැබෙනවා.’’
පාසල් සිසුන් අතර මත්ද්‍රව්‍ය ලෙස විවිධ වර්ග කාලයෙන් කාලයට සැරිසරන ආකාරය දක්නට ලැබේ. බාබුල් නමැති බුලත් විට විශේෂය කලක් පාසල් සිසුන් අතර වසංගතයක් සේ පැතිර ගියේය. බීම වර්ගවලට වේදනා නාශක දමා පානය කිරීම ද අනතුරුව කැස්ස සඳහා ඖෂධයක් ලෙස ලබාගන්නා සිරප් වර්ගයක් ද මේ ආකාරයෙන්ම භාවිත කැරිණි.
සිරප් සහ මත්වන ඖෂධ වර්ග වෛද්‍ය නිර්දේශය නොමැතිව නිකුත් නොකරන ලෙස රජය විසින් බලපෑම් කිරීම හේතුවෙන් දැන් ඒවා ඖෂධ අළෙවිසල් වෙතින් මිලදී ගැනීමට ළමයින්ට හැකියාවක් නැත.
මේ සමග ජෙල් වර්ග කරළියට පැමිණ තිබේ. තම කොණ්ඩය සැකසීම සඳහා පාසල් සිසුන් ජෙල් වර්ග භාවිත කිරීමත් ඒවා ඕනෑම වෙළෙඳසලකින් පහසුවෙන් මිලට ගැනීමට හැකිවීමත් මෙය පාසල් සිසුන් අතර පැතිරයාමට හේතුවක් වී තිබේ. හිසේ තවරන ජෙල් වර්ගයක් ළඟ තබා ගත්තාට දෙමාපියන් හෝ ගුරුවරුන් සැක නොකිරීම ද මත්ද්‍රව්‍යයක් ලෙස ඒවා භාවිත කිරීමට පහසුවක් වී තිබේ.
වෛද්‍ය පෙරේරා මහතා පවසන්නේ හිසේ තවරන ජෙල් ආහාරය සඳහා සැකසූ ද්‍රව්‍යයක් නොවන බැවින් එයින් සිදුවිය හැකි හානිය අති විශාල බවයි. මේවා ආහාරයට ගැනීම හෝ නාසයට ඉරීම නුසුදුසු බවත් පවසන හෙතෙම වැඩිදුරටත් මෙසේ ද කීවේය.
‘‘හිසේ තවරන ජෙල් වර්ගවලින් අතුරු ආබාධ රාශියක් ඇතිවිය හැකියි. ඒවා ආහාරයට ගැනීමෙන් ග‍්‍රැස්ට‍්‍රයිටිස්, උදරයේ තුවාල, විවිධ සංකූලතා, නිදිමත, පමණක් නොව පිළිකා පවා ඇතිවීමට ඉඩ තිබෙනවා. මෙය ඉතාමත්ම හානිකර තත්ත්වයක්. නහයට ඉරීමෙන් එය ස්වසන පද්ධතියට ඇතුළු වීම නිසා හානි සිදුවෙනවා.’’
වෛද්‍යවරයා පවසන්නේ ජෙල් මත්ද්‍රව්‍යයක් ලෙස ගත්ත ද එයින් කිසිදු මත්වීමක් නොවන බවයි. විවිධ සංකූලතා සහ අතුරු ආබාධ ඇතිවීමේ අවධානම දැඩි බව ද හෙතෙම පෙන්වාදෙයි.
මෙවැනි ජෙල් වර්ග වෙළෙඳ පොළට පැමිණි විගස විකිණී අවසන් වේ. ඇල්කොහොල් නොමැති බව සඳහන් ජෙල් වර්ග පමණක් වෙළෙඳ පොලේ දක්නට තිබේ. වෛද්‍ය පෙරේරා මහතා පවසන්නේ පාසල් සිසුන් විසින් මිල දී ගැනීම නිසාම මත්ද්‍රව්‍ය ඇතැයි ඔවුන් සිතා සිටින ජෙල් වර්ග අවසන් වන බවයි.
මේ පිළිබඳව දෙමාපියන් සහ පාසල් ගුරුවරුන් අවධානය යොමු කළ යුතුය. තම පුතා හෝ දියණිය සතුව හිසෙහි ගල්වන ජෙල් පැකට්ටුවක් තිබුණ ද ඒ පිළිබඳ සැකයක් නොසිතූ මව්පියවරුන්ට දැන් එවැනි ජෙල් වර්ග පිළිබඳ සොයා බැලීමට සිදුව තිබේ. තම දරුවා/හොදම යහලුවා ජෙල් ඇබ්බැහියට ගොදුරුවී පිළිකා මාරයාගේ ගොදුරක් වීමට පෙර රැක ගැනීමේ වගකීම දෙමාපියන් සහ ගුරුවරුන් මෙන්ම යහලුවෙක් වශයෙන් ඔබෙිද වගකීමකි.
විශේෂ ස්තුතිය ලංකාදීප පුවත් පතට
ඔබට මතකද කෑබිතිගොල්ලෑව බොම්බය
Published: May 18, 2012 by admin
Filed under:
Hot gossip Sri Lanka
Srilankan Latest News
වීරත්වය යලි සිහි කෑදවන්න ලගයි.............ඔබට මතකද කෑබිතිගොල්ලෑව බොම්බය,කොලඹ මහ බෑංකු ප්‍රහාරය.......ඒ සිදුවීම් වලින් රටට නෑති වුනු මිනිස් ජීවීත.....ඔය වගේ කොපමන සිදුවීම් සිදු වුනාද?........මතකද?.........
අද අපි මොනවා උනත් බයක් නෑතුව ලංකාවේ හෑමතෑනකම යන්න අපිට ලබා දුන් එක්තරා මිනිස් කොට්ටාශයක් උන්නා.ඔවුන් ඇස්,මස් විතරක් නොව තමන්ගේ ජීවීතය පවා පූජා කලා....
ඔවුන්ට අපි දුන්නු නම රණවිරුවා.
තව පිරිසක් සදාකාලිකවම අබ්බගාත උනා.තමන්ගෙන් රටට උනු උපරිමය කරපු නිසා.1948 නිදහස දිනාගන්න හුගක් විරුවන් මේ ලංකාවේ උන්නා..මොවුන් තමා 1948 පසුව රටට බිහි උනු සදා අමරනීය විරුවන්...
කාලයක් එක්කම මොවුන් හුගක් මිනිසුන්ට මතකයෙන් අමතකව ගියත්...අමතක නොකරයුතුම පිරිසත් මොවුන්..
හරියට නින්දක් නෑතුව,කෑමක් නෑතුව,තමන් ආදරය කරන පිරිසකින් ඈත්ව රට වෙනුවෙන්,නෑතහොත් අපි වෙනුවෙන් සටන් කරපු ඔබව සමරන්නේ අපි මහත් අබිමානයකින්......
අද අපි සතුටෙන් ඉන්නේ එදා ඔබ කරපු රනකාමී සටන නිසාවෙනි..
විරුවනි ඔබව සමරන්න අපිට දවසක් අවශ්‍ය නෑත.......අපි ඔබව නිරතුරුවම මෙනෙහි කරන්නේ මහත් සතුටකින්,අබිමානයකින්...
රට වෙනුවෙන් තමන්ගේ මුලු ජීවීතයම පූජා කරපු සහ ආබාදිත උනු අපේ විරුවන් වෙනුවෙන් SHARE කිරීම ඔබට බාර බව අවසන් වශයෙන් පවසන්නෙමු
බෝම්බකරු යළි රිමාන්ඞ් ෆොන්සේකා මරන්නයි ආවේ.
Published: May 16, 2012 by admin
Filed under:
Hot gossip Sri Lanka
Srilankan Latest News
මරාගෙන මැරෙන
බෝම්බයකින 2006 දී හිටපු යුදහමුදාපති සරත් ෆොන්සේකා මරා දැමීමට තැත් කළැයි
සැකපිට රිමාන්ඞ් බාරයේ සිටි ෂන්මුගලිංගම්
සුරියකුමාර් ලබන 30 වැනිදා තෙක් යළි රිමාන්ඞ් කරන ලෙස කොළඹ කොටුව
මහේස්ත‍්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා නියෝග
කෙළේය.
හය වසරක්
පුරා රිමාන්ඞ් භාරයේ සිටින මේ සැකකරුට එරෙහිව ගත යුතු පියවර ගැන
කිහිපවරක්ම නීතිපති උපදෙස් ගෙන ඇතැයි රහස් පොලීසිය අධිකරණයට
දැන්වීය.කොළඹ යුදහමුදා මුලස්ථානයේදී එල්ලවූ මේ ප‍්‍රහාරයෙන් ෆොන්සේකා බරපතල තුවාල ලැබීය. 11 දෙනෙක් මරුමුවට පත්වූහ.
රයිගම් සම්මාන උළලේ නෙහාරා මාධ්‍යය මග හරියි
Published: May 14, 2012 by admin
Filed under:
Hot gossip Sri Lanka
Srilankan Latest News
ඉකුත් සිකුරාදා වෝටර්ස් එජ් හෝටලයේ පැවැති රයිගම් ටෙලි සමාන උළලේ ජනප්‍රියම නිළිය ලෙස සම්මාන ලැබුවේ නෙහාරා පිරිස්ය.
නමුත් ඇය සමානය ලැබීමත් සමග සමුහ ජායාරුප වලට පවා පෙනී නොසිටිමින් මාධ්‍යය මග හරිමින් ඉවත්ව යාම පිළිබඳව මේ වනවිට කතා බහක් ඇතිව තිබේ.
අප කල සොයා බැලීමකදී නිල නොවන ආරංචි මගින් අප වෙත වාර්තා වුයේ ජනප්‍රියම නිළිය තේරීම සඳහා වැඩිම එස්.එම්.එස් මනාප ලැබී ඇත්තේ ආශා එදිරිසිංහ වෙත බවයි.
ඉන් අනතුරුව වැඩිම එස්.එම්.එස් මනාප ලැබී ඇත්තේ උදාරි වර්ණකුලසුරිය වෙතටයි.
නමුත් නෙහාරා පිරිස් රයිගම් වෙළඳ නාම ප්‍රවර්ධකවරියක ලෙසින්ද කටයුතු කරන බැවින් ඇයට මෙම සම්මානය ලැබී ඇති බව වාර්තා වේ.
නමුත් ඇය සමානය ලැබීමත් සමග සමුහ ජායාරුප වලට පවා පෙනී නොසිටිමින් මාධ්‍යය මග හරිමින් ඉවත්ව යාම පිළිබඳව මේ වනවිට කතා බහක් ඇතිව තිබේ.
අප කල සොයා බැලීමකදී නිල නොවන ආරංචි මගින් අප වෙත වාර්තා වුයේ ජනප්‍රියම නිළිය තේරීම සඳහා වැඩිම එස්.එම්.එස් මනාප ලැබී ඇත්තේ ආශා එදිරිසිංහ වෙත බවයි.
ඉන් අනතුරුව වැඩිම එස්.එම්.එස් මනාප ලැබී ඇත්තේ උදාරි වර්ණකුලසුරිය වෙතටයි.
නමුත් නෙහාරා පිරිස් රයිගම් වෙළඳ නාම ප්‍රවර්ධකවරියක ලෙසින්ද කටයුතු කරන බැවින් ඇයට මෙම සම්මානය ලැබී ඇති බව වාර්තා වේ.
ලසිත් මාලිංග එංගලන්තෙට
Published: May 11, 2012 by admin
Filed under:
Hot gossip Sri Lanka
Srilankan Latest News
මහා බි‍්‍රතාන්‍යයේ මිඞ්ල්යෙක්ස් ප‍්‍රාන්තය සමග විස්සයි විස්සේ කි‍්‍රකට් තරග සඳහා ලසිත් මාලිංග (28) අත්සන් කැර ඇත. ජුනි මාසයේ පාකිස්ථානය සමග ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන එක් දින හා විස්සයි විස්සේ තරග වලට පෙනී සිටීමෙන් පසුව ඔහු ලන්ඩනයට යෑමට නියමිතය. ඔහු විස්සයි විස්සේ තරග 106 කදී විකට් 151 ක් ලබාගෙන ඇත. ඔහු මීට කලින් කෙන්ට් කණ්ඩායම වෙනුවෙන් ක‍්‍රීඩා කළේය.
මිඞ්ලන්යෙක්ස් ප‍්‍රාන්තයේ ක‍්‍රිකට් අධ්‍යක්ෂ ඇන්ගස් පේ‍්‍රසර් පවසනුයේ ලසිත් මාලිංග වැනි සහජ කුසලතාවලින් පිරිපුන් ක‍්‍රීඩකයකු තම ක‍්‍රීඩා සමාජයට සිටීම බලවත් ප‍්‍රීතියට හේතුවක් බවයි.







