Search Results: case
කොන්ඩම් අවනඩුවකින්, ජර්මන් පොප් ගායිකාවක් දඟගෙට
HIV /කොන්ඩම් අවනඩුවකින් ජර්මන් පොප් ගායිකාවක් දඟගෙටඒඩ්ස් රෝග කාරක HIV ශරීර ගතවූ බව නොදන්වා තමන්ගේ පෙම්වතුන් සමග ලිංගිකව හැසිරී රෝග බෝකිරීමේ වරදකට ජර්මනියේ 28 හැවිරිදි පොප් ගායිකාවකට වසර 02 ක අත්හිටවූ සිර දඩුවම් එරට අධිකරණයක් විසින් නියම කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කියයි.
Nadja Benaissa, නම් 28, හැවිරිදි මෙම ගායිකාව ඊයේ අධිකරණය හමුවේ කියා ඇත්තේ තමා HIV ශරීර ගතවූ බව නොදන්වා මෙලෙස අනාරක්ෂිතව ලිංගිකව හැසුරුණු බව ඇත්ත වුවත් එය හිතා මතා නොකළ බවත් ඔරලෝසුව ආපසු හැරවීමට හැකිනම් තමා අතින් යළි කිසි දිනෙක මෙම වරද සිදු නොවන බවයි.
තමාගේ වෘත්තීය දිවියට බලපෑමක් වේවි කියා තමාගේ රෝග තත්ත්වය හෙළි නොකළ බවද ඇය කියා ඇත.
අධිකරණය හමුවේ හැඬුම්බරව ඇයගේ අමිහිරි අතීතය සිහිපත් කරමින් ඇය පවසා ඇත්තේ තමා 14 හැවිරිදි වියේදී මත්ද්‍රව්‍ය භාවිතයට හුරුවූ බවත්, පසුව ගැබ්බර වූ බවත් එහිදී සිදුකළ රුධිර පරීක්ෂණ වලදී (වයස 16 දි)තමාට ඒඩ්ස් රෝග කාරක HIV ශරීර ගතවූ බව තහවුරු වූ බවයි.
කෙසේවෙතත්,මේ සම්බන්ධයෙන් කරුණු දක්වා ඇති,එරට ඒඩ්ස් නිවාරණ සංවිධාන හා ඇයගේ රසිකයින් පවසා ඇත්තේ මේ සම්බන්ධයෙන් ඇයට සම්පූර්ණ වරද පැටවිය නොහැකි බවත් මේ සඳහා ඇය සමග නිදි වැදුණු පුද්ගලයින්ද වගකිව යුතු බවත් ඔවුන් කොන්ඩම් පැලදිය යුතුව තිබූ බවත්ය.
පසුගිය වසරේ අප්‍රේල් මස රාත්‍රී සමාජ ශාලාවකදී,ප්‍රසංගයක් සඳහා සූදානම්ව සිටියදී ඇය අත්අඩංගුවට පත්ව දින 10 ක් බන්ධනාගාර ගතවද සිටියේය.
vimasuma.



