Search Results: gossip-lanka
සිරි සදහම් ආශ්‍රමයෙන් ඇහෙන පරස්පර කතා
Published: Nov 9, 2011 by admin
Filed under:
Hot gossip Sri Lanka
ඒ පිටිදුව සිරිධම්ම හිමි අනෙක් භික්ෂුන්ට නිගා දෙන අයුරින් සිදු කල ප්‍රකාශ හා මතකාලයේදී උන් වහන්සේ විසින් සිදුකල ආන්දෝලනාත්මක ප්‍රකාශ හේතුවෙන්.
මෙම වැටලීම පිලිබඳ දෙපාර්ශවයෙන් මතුවන්නේ එකිනෙකට පරස්පර අදහස්ය.මේ පිලිබඳ අදහස් දක්වන සිරි සමන්තබද්‍ර හිමියෝ ප්‍රකාශ කර සිටින්නේ පසුගිය 7 වනදා භික්ෂූන් පිරිසක් හදිසියේ තම ධර්ම ආශ්‍රමයට කඩාවැදී එහි දේපළවලටද හානි සිදුකරමින් කලහකාරී ලෙස හැසිරුණු බවත් එකී භික්ෂූන් තමන්ට අසභ්‍ය වචනයෙන් බැණවදිමින්,නින්දා අපහාස කරමින් තර්ජනය කල බවත්ය.
ඊයේ සිදුවීමෙන් පසු තමන් මෙතෙක් කරගෙන ආ ආකාරයේ ධර්ම ප්‍රචාරක කටයුතු නොකරන බවට පොරොන්දුවී ඇති බවට මෙම සිදුවීමට අදාළ අනෙක් භික්ෂු පාර්ශවය විසින් මාධ්‍යයට කරුණු දක්වා තිබීම මුසාවක් මිස සත්‍යයක් නොවන බව සමන්තභද්‍ර හිමියන් සඳහන් කරයි.
එම සිදුවීමෙන් අනතුරුව සිරි සමන්තබද්‍ර හිමියන් සමාව ගත්බව ප්‍රතික්ෂේප කලද එම ගැටුම ඇතිවී අවස්ථාවේ එම හිමියන් මාධ්‍යයට ලබාදුන් ප්‍රකාශය මෙසේයි.
"මම පිරිසිදු ථෙරවාදී බුදු දහම අදහන භික්ෂුවක්.මම කල සමහර දේශනා වලදී අපේ භික්ෂුන් වහන්සේලාගේ හිත රිදෙන්න ඇති.මම එකට සමාව ඉල්ලනවා.කිසිම අවස්තාවක භික්ෂුන් වහන්සේලා සමග අමනාපයක් තරහක් නැහැ.
ගැටළු ඇතිකරගන්න අවශ්‍යයතාවයකුත් නැහැ.මම හැම කෙනෙක් සමගම සුහදව ජිවත් වෙන්න කැමතියි.එත් මම පිළිගන්න දර්ශනයක් තියෙනවා.ත්‍රිපිටක ධර්මය ගැඹුරින් අධ්‍යනය කරපු මම තවමත් තේරවාදී භික්ෂුන් සම්ප්‍රදාය තුල ජිවත්වන භික්ෂුන් වහන්සේ නමක්.
මින් ඉදිරියට කිසිවෙකුට හානි නොවන අන්දමින් බුදුන් වහන්සේ දේශනා කරපු නිවැරිදි වූ පාරිශුද්ධ ධර්මය දේශනා කරන්න බලාපොරොත්තු වෙනවා.ගම්වාසීන් සමග මගේ කිසි අමනාපයක් නැහැ".
සිරිසමන්ත බද්‍ර හිමියන් විසින් සිංහල රාවයට එල්ල කරන ලද චෝදනාවේ සත්‍යය අසත්‍ය විමසීම සඳහා අප අක්මීමන දයාරතන හිමි දුරකතනයෙන් සම්බන්ධ කරගත්තා.එහිදී අදහස් දැක්වූ උන්වහන්සේ ප්‍රකාශ කර සිටියේ සිරි සදහම් ආශ්‍රමයට ගියේ ඉතා සුළු පිරිසක් බවත් එහිදී කලකෝහාල කිරීමේ කිසිදු අරමුණක් නොතිබුණු බව හා එසේ නොකළ බවත්ය.
එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ ප්‍රකාශකර සිටියේ යමෙකු සෝවාන් වී සකෘදාගාමි තත්වයට පත්වූ බව කීම බරපතල ප්‍රකාශයක් බවයි.තවද අනෙකුත් භික්ෂුන් වහන්සේලාට ගැරහීම හා භික්ෂුන්ට නොගැලපෙන ක්‍රියා සිදුකිරීම හේතුවෙන් සිරිසමන්ත බද්‍ර හිමියන් ශාසනයෙන් නෙරපීමට අදහස්කරගෙන සිටි බවත් පසුව උන්වහන්සේ සමාව ගත් නිසා ඉදිරියේ එම වැරදි සිදුනොකරන බලාපොරොත්තුවෙන් දෙපාර්ශවය එකඟතාවයකට ආ බවත්ය.
මෙම ගැටුමේදී මර්වින් සිල්වා අමාත්‍යවරයාද භූමිකාවක් රඟපෑ අතර එහිදී ඝෝෂා කරමින් භික්ෂුන්වහන්සේලාට බිය කිරීමට උත්සාහ දරා ඇත.
මර්වින්ට සම්මානයක්
Published: Nov 5, 2011 by admin
Filed under:
Hot gossip Sri Lanka
ගිරිඋල්ල ශ්‍රී සුදර්ශනාරාම විහාරස්‌ථානයේ උදේ 10 ට ගවයින් 100 දෙනකු නිදහස් කිරීමේ පිංකමක්‌ද අද දින (05) මර්වින් සිල්වා ඇමතිතුමා විසින් සිදුකරන අතර එහිදී ඒ වෙනුවෙන් ශ්‍රී රෝහණ වීර වික්‍රම සම්මානයෙන් ඇමතිතුමා පිදුම් දීමට නියමිතය.පසුගිය මාර්තු මාසයේදී අනුරාධපුර මහා විහාර සංඝ සභාවේ සමාන ජන්දයකින් "බුද්ධ ශාසන කීර්ති ශාසන බන්ධු" ගෞරවනාමය අනුරාධපුර මහා විහාරයේදී පිරිනැමිණි.
ඒ එතුමා විසින් සිදුකරනලද ජය ශ්‍රී මහා බෝධි මලු මහා විහාර ධර්ම ශාලාව ඉදිකිරිම,රුවන්වැලි චෙයිත්‍ය රාජයානන් වහන්සේ ඇතුළු අනුරාධපුර අටමස්ථාන චෙයිත්‍ය රාජයානන් වහන්සේලා ස්වර්නලේපකොට රනින් බැබලවීම ආදී පුදබිමේ ආගමික සේවාවන්වෙනුවෙනි.
ඉතිහාසය, දර්ශනය, සමාජ විද්‍යාව, කටු චිකිත්සාව, සංස්කෘතිය, බුදුදහම, ආයුර්වේදය පිලිබඳ ඇමතිතුමාට ඇති දැනුම ගැන පුදුමයට පත් ගීතාංජන මෙන්ඩිස් මහත්මයා තමා වෙත ආචාර්ය උපාධියක් ලබාදුන් බව ඔහු පසුගිය දිනක පුවත්පතකට හෙළිකොට තිබුණි.
එතුමාගේ ආගමික ක්‍රියා වලට අපගේ කිසිදු විරුද්ධතාවයක් නොමැති වුවත් මේ සා මුදල් කන්දරාවක් ඇමතිවරයෙකු අතට පත්වන්නේ කෙසේද කියා සොයාබැලීමකදී අපට හෙළි වුයේ මර්වින් සිල්වාගේ දිනක කප්පම් ආදායම ලක්ෂ පහ ඉක්මවන බවයි.
CC: gossip9
පිටිදුවේ සිරිධම්ම හිමියන් අපවත් වූ බව..
Published: Oct 9, 2011 by admin
Filed under:
Srilankan Latest News
පිටිදුවේ සිරිධම්ම හිමියන් අපවත් වූ බව දන්වමින් ඊයේ දිනයේ (08) මාධ්‍ය මගින් පල කල රන්දිව පුවත්පතේ ප්‍රචාරක පටයක් හේතුවෙන් බොහෝදෙනා නොසන්සුන්ව සිටිනවා.ඇත්තෙන්ම පුවත්පත ගෙන බැලු පසු පෙනී ගියේ පිටිදුව සිරිධම්ම හිමියන් වෙනස්ම හිමිනමක් බවට පත්වී ඇති බවයි.
මේ උන්වහන්සේ ඒ පිලිබඳ අදහස් පලකරන ආකාරයයි.
මිට මාස හයකට විතර කලින් මම සිරි සමන්තබද්‍ර ස්වාමින් වහන්සේ ලෙස පෙනී සිටීමට තීරණය කළා. ඊට පස්සේ පසුගිය පෝය දවසේ මෙහෙ විශාල පුජාවක් කරා.ඒකට ලක්ෂයක් විතර මිනිස්සු ආවා.
එතැනදී මම සිවුරේ පාට වෙනස් කරලා මම කිව්වා මම අද ඉඳලා පිටිදුවේ සිරිධම්ම හිමි නෙවෙයි. මම අද ඉඳල සිරි සමන්තබද්‍ර කියන නමින් පෙනී සිටිනවා කියලා.
ඒකට හේතුව මම දැන් දේශනා කරන විදිය වෙනස්.මට දැන් අවබෝධ වෙන විදිය වෙනස්. මම ඒ දවස්වල දේශනා කරේ පොත්පත් කියවලා දැනුම සංසන්දනය කරලා.
නමුත් දැන් මට එහෙම කියන්න අවශ්‍යතාවයක් නැහැ. මට දැනෙන සියලු දේ මට දැනෙන දේ මම කියනවා කියල පටන් ගත්ත. මේක තමයි වුනේ.
මර්වින් සිය ආචාර්ය උපාධිය ලැබුන හැටි හෙළි කරයි
Published: Sep 25, 2011 by admin
Filed under:
Hot gossip Sri Lanka
ආචාර්ය මර්වින් සිල්වා අමාත්‍යවරයාට ආචාර්ය පදවියක් තිබුනත් එය ලැබුනේ කෙසේදැයි කිසි කෙනෙකු දැන සිටියේ නැහැ.මාධ්‍යයට රහසක්ව තිබුණු එය අමාත්‍යවරයා විසින්රසදුන ටැබ්ලොයිඩ් පුවත්පත වෙත හෙළි කර තිබෙනවා. ඒ මෙසේයි
ඔබතුමාට ලැබුණු ආචාර්ය උපාධිය ගැන මාධ්‍ය මඟින් දැනුම්වත් කැර නෑ. කොහොමද? ඔබට ආචාර්ය උපාධියක් ලැබුණෙ?
මං පසුගිය කාලයේ දොස්තර ඇන්ටන් ජයසූරිය කටු චිකිත්සාව පිළිබඳ ලොකුම දොස්තර සමඟ සාකච්ඡා වට කීපයක් පැවැත්වුවා. ඉතිහාසය, දර්ශනය, සමාජ විද්‍යාව, කටු චිකිත්සාව, සංස්කෘතිය, බුදුදහම, ආයුර්වේදය මේ හැම දෙයක් ගැනම සාකච්ඡා කළා.
මේ සාකච්ඡාවලදි එතුමාත් දොස්තර ගීතාංජන මෙන්ඩිස් මහත්තයත් දොස්තර අශෝකාත් තේරුම් ගත්ත මා විවිධ විෂයයන් සම්බන්ධයෙන් ප්‍රඥාගෝචර බව. ඉස්කෝලෙ සහතිකේ එකක්. ප්‍රඥාව පිළිබඳ සහතිකය තව එකක්. චීන කටු චිකිත්සාව පිළිබඳ ඉතිහාසය මා ඒ අයට කියා දෙන විට ඔවුන් ඇසුවා ඔබ කොහින්ද මේ තරම් දැනුමක් ලැබුවෙ කියල.
මා කීවා මැදමුලන වලව්වේ ඩී.ඒ.රාජපක්ෂයන් ඇසුරේ ඒ සම්භාවනීය පිරිස් මැද ජීවත් වන කාලේ ඉඳන්ම මාත් පොතපත කියෙව්වා. සාකච්ඡා සම්මන්ත්‍රණවලට ගියා, දැනුම ලැබුවා කියලා. මගේ යම් බලාපොරොත්තුවක් තිබුණේ නෑ මෙවැනි උපාධියක් ගැන. ඒත් දොස්තර ගීතාංජන මෙන්ඩිස් ප්‍රමුඛ ඒ කණ්ඩායම දොස්තර ඇන්ටන් ජයසූරිය වෙතින් මට ආචාර්ය උපාධිය පිරිනැමුවා.
මා ආචාර්ය උපාධි හොයාගෙන ගියේ නෑ. ආචාර්ය උපාධිය මා සොයාගෙන ආවා.
රසදුන 2011/09/25
මර්වින්ගේ අලුත් තියරිය
මුන්නේශ්වරම් කෝවිලේ බිලි පුජාවට මැදිහත්ව එය නැවැත්වූ මර්වින් සිල්වා ප්‍රසිද්ධියේම සත්ව ඝාතනයට විරුද්ධ වුවත් මස් මාංශ අනුභවය පිලිබඳ විද්‍යාත්මක එලිදරව්කිරීමක් අමාත්‍යවරයා විසින් ඉරිදා ලංකාදීප පුවත්පතට හෙළිකර තිබෙනවා.ඒ මෙසේයි
අමාත්‍යවරයා : මේකේ තියෙනවා විද්‍යාත්මක පැත්තක්.මුහුදේ මාළු ගන්න.ඒ මුදු මාළු ආහාරයට නොගත්තොත් මොකද්ද මුහුදට වෙන්නේ.ඔබතුමාම කියන්නකෝ..
මාධ්‍යවේදියා : නෑ අමතිතුමාම කියන්න.
අමාත්‍යවරයා :මුහුදේ මාළු පිරෙයි.මාළු මැරිලා කුණු වෙයි.මුහුද විතරක් නෙවෙයි වෙරළත් අපිරිසිදු වෙයි.හැබැයි මාළු කන්න කියල බුද්ධාගමේ නැහැ.
දැන් කුකුල්ලු ගන්න.කුකුල්ලු බෝවෙන්න ගත්තොත් පාරක බැහැල යන්න බැරි වෙයි.නමුත් ගවයා මැරීම නම් මම හෙලා දකිනවා.
මම අතකපනවා කිව්වම කෙනෙක් ප්‍රකාශයක් කරනවා මර්වින් සිල්වා කරපු ඒ ප්‍රකාශයෙන් ආගමට අපහාසයක් උනා කියලා.මුන්ට පිස්සු අනේ.ඇත කපනවා කිව්වේ හොර හරක් ගෙනාවොත්,බිලිපුජ කලොත්.
ඉරිදා ලංකාදීප 2011/09/25
මාතර රුහුණු සේවයේ මැදිරිය තුල දැරියක් කෙලසයි
Published: Sep 19, 2011 by admin
Filed under:
Srilankan Latest News
ශ්‍රීලංකා ගුවන් විදුලි සංස්ථාවේ ශාඛාවක්
ලෙසින් පවත්වාගෙන යන මාතර රුහුණු සේවය තුල 15 හැවරිදි දැරියක් එහි සහය
නිෂ්පාදකවරයෙක් විසින් අපයෝජනයට ලක් කර ඇත.ළමා වැඩසටහන නිවේදන කටයුතු සඳහා පැමිණ ඇති දැරිය පටිගත කිරීම් අවසානයේ ලිපි කිහිපයකට අත්සන් තැබීම සඳහා යැයි පවසමින් එම දැරිය රඳවාගෙන අවස්ථා තුනකදී අතවරයට ලක් කොට ඇත.
මෙම සිද්ධිය දුටු ආරක්ෂකයකු විසින් පොලිසියට පැමිණිලි කොට ඇති අතර මාතර අතිරේක මහේස්ත්‍රාත් දුලානි අමරසිංහ මෙනෙවිය විසින් ඔහුව රිමාන්ඩ් කරනු ලැබිය.එම සහය නිෂ්පාදකවරයා මාතර ප්‍රදේශයේම 46 හැවරිදි පදිංචිකරුවෙකි.
අදාළ දැරිය මාතර තෙලිජ්ජවිල එනම් මෙයට දින කිහිපයකට පෙර දැරියක් පාසලක් තුලම අපයෝජනයට ලක්වූ ප්‍රදේශයේම පදිංචිකාරියකි.
පාසලක් තුල සිදුවූ එම අතවරය පිලිබඳ පුවත්පත් පිරෙන්න ලිපි පල වුවත් මෙම සිදුවීමේදී අදාළ මාධ්‍යයේ නම සඳහන් නොකිරීමට මාධ්‍යය වගබලාගෙන තිබිණි.

අපචාර ක්‍රියා පිලිබඳ නවතම සමීක්ෂණයකට අනුව හෙළි වූ තොරතුරු පහත වේ.
දිනකට නීති විරෝධී ගබ්සා - 800
දිනක් තුල සිදුවන ළමා අපචාර - 14
සමලිංගිකයන් - 35000
දිස්ත්‍රික් 4 ක් තුල සිටින ගණිකාවන් - 40 000
(කොළොඹ, නුවර, මඩකලපුව, අනුරාධපුරය)





